අනාගතයක්
නොදැන සිටිනා
පුංචි
දිය බිදකි ඇය..
හමු
වුවොත් ඇයට පිහිටක් සේ මහසයුර..
විදියි
ඇය ජීවිතය මහසයුර සමග..
පෙන
නගින රල අතර පුංචි දිය බිදකි ඇය
දිනක
තන අගක සිට ගංගාවකට වැටුන..
තෙරක්
පාවී ගොසින් නතර වූයේ මහසයුර මැද..
වසන්තය
යැයි සිතා
මහසයුර
මැද නතර වූ ඇයට
වසන්තයක්ම
වේවිද ඒ දිවිය..
මහසයුරට
හැකිනම්
වසන්තය
ලබාදෙන්නට ඇය හට
සයුර
ඔබ වේ ඇගේ මුළු විශ්වයම..
~~~නිශාදි
තිලකරත්න~~~
No comments:
Post a Comment